ඔබෙ සිත, මා සිත, වෙන්කල සිතුවිලි . . .
සියල්ල අසීමිතව බෙදාගන්නටත් . . .
මසිත පාළුව ඔබට සොඳුරු හුදකලාවක් කරමින්, ජීවිතය විඳින්නටත් . . .

Wednesday, October 26, 2011

" මම ගැනම තමයි ! "


හේතුවක් හිතාගන්න බැරි තරමට, දුක්මුසු හැඟීම්වලින් බර වෙච්ච හිතත් අරගෙන, මම කල්පනා ලෝකයෙන් පියවි ලෝකයට ආවේ, අවේලාවේ mobile එකට ආපු sms එක කාගෙන්ද කියලා බලන්න . . .

"   Sorry අයියේ . . . ඔයා එවපු sms එක දැන් දැක්කේ. Good Night ! "  

මේ ලඟකදි හොඳ boot එකක් කාලා, මගේ advice වලින් ජීවිතේ ගොඩ දාගත්ත නංගියෙක් . . .

" නින්ද යන්නේ නෑ. "  මම ඇත්තම ලියලා reply කලා.

" කල්පනා කරනවද ? "

" ඔව්. "

" මොනවා ගැනද ? "

" මම ගැනම තමයි ! "

" ඔච්චර කල්පනා කරන්න එපා අයියේ . . . "

" කලේ නෑ. වෙනවා . . . මම mobile එකෙන් සිංදු අහනවා. on bed. "

" ජීවිතේ ගැන positive විදිහට හිතන්න මට පුරුදු කල, ඔයා ඇයි negative විදිහට හිතන්නේ ? "

මෙයා දැන් මටත් වඩා ජීවිතේ තේරුම් අරගෙන කියලා මට හිතුනා.

" මමත් හිතුවේ ඒකමයි . . . ඔයාට විතරක් නෙවෙයි, තව ටික දෙනෙකුටම. ඒත් මට . . ? "

" ඇයි ඔයාට B . . . , L . . . . , R . . . . .‍ ඉන්නවනෙ ඕන දේකට, කවුරු නැති වුනත් . . ? "

මගේ හොඳම යාළුවෝ ගැනත් එයා දන්නවා.

" ඒත් මට දැන් දැනෙන තනිකම, මටවත් තේරෙන්නේ නෑ . . . "

" ඔයාට හොඳ මොලයක්, කට්ට කන්න පුළුවන් & ලස්සන හිතක් තියනවා . . . ඔයාට පුළුවන් ඔය ප්‍රශ්න විසඳගන්න. "

ඒත් මෙයාට තාම බෑ, මට වගේ වෙන කෙනෙක්ගෙ හිතක් හදන්න.

" බැරි එකනේ වෙලා තියෙන්නේ. "

" ඔයා දැන් කොහොමත් තනි නෑ අයියේ, මම ඔයත් එක්ක ඉන්නවනේ . . ."   

" ඔයාට මාව තේරෙන්නේ නෑ. කාටවත් . . මටවත් . . . "

"   ඒක ඇත්ත. ඒත් මට ඔයාව 10% ක් විතර තේරෙනවා. "   

" මටත් 90% ක් මං ගැන තේරෙනවා. ඒත් ඉතුරු 10% තේරුම් ගන්න තමයි මේ try කරන්නේ . . "

මමත් ප්‍රතිශතවලින්ම reply කලා.

"   90% ක් පුළුවන් ekata 10% ක් මොකක්ද අයියේ ? "   

" ඔයා නිදාගන්න. Good Night ! "

මට ආයෙත් කල්පනා ලෝකයට යන්න ඕන නිසාම, මම ඇයට සමු දුන්නා.

" ඔය විදිහට හිතන්න එපා අයියේ, ඔයත් නිදාගන්නකෝ . . . "   

වෙන්නෙ නෑ කියලා දැනගෙනම වුනත්, හිතේ තනිකම නැතිකරන ශක්තියක්, ඒ ඉල්ලීමේ තියනවා කියලා එයත් දන්නවා ඇති . . .

No comments:

Post a Comment