ඔබෙ සිත, මා සිත, වෙන්කල සිතුවිලි . . .
සියල්ල අසීමිතව බෙදාගන්නටත් . . .
මසිත පාළුව ඔබට සොඳුරු හුදකලාවක් කරමින්, ජීවිතය විඳින්නටත් . . .

Thursday, October 13, 2011

මම


අද නිදහසේ ලියන්න පුලුවන් දවසක්... හිතට එන හැම දෙයක්ම . . .
ඒත් කියන්න පුලුවන් හැම දෙයක්ම ලියන්න කියල මට කියපු නංගිව* අමතක කරන්න මට බෑ . . .
මට ජීවිතයේ ගොඩක් දේවල් තේරුම් ගන්න පුලුවන් උනත්, මට තේරුම් ගන්න බැරි මම කව්ද කියන එකයි . . .
ඇත්තටම මම කව්ද?
මම අවංකයි . . .
මම කෙලින් කතාකරන කෙනෙක් . . .
මම අවස්ථාවාදියෙක් නෙවෙයි . . . 
ඒත් මම හැම අයෙක්ගෙන්ම, මාව සංසන්දය කරල බලනවා . . .
ඇයි හැමෝටම බැරි අවංක වෙන්න . . .
අඩුම තරමේ තමන්ටවත් . . .
කෙලින් කතාකරන්න බැරි ඇයි? යාළුවො තරහා වෙයි කියලා . . .
ඒත් මට පුලුවන් නම් ඇයි, අනිත් අයට බැරි?
"ඌගෙ කට හොඳ නෑ"
ගොඩක් යාළුවො මට කියනවා කියලා මම දන්නවා.
ඒ උනත් මම කියන්නෙ ඇත්ත කියලා උන් පිලිගන්නවා . . .
එහෙනම් කොතනද වැරැද්ද?



No comments:

Post a Comment