ඔබෙ සිත, මා සිත, වෙන්කල සිතුවිලි . . .
සියල්ල අසීමිතව බෙදාගන්නටත් . . .
මසිත පාළුව ඔබට සොඳුරු හුදකලාවක් කරමින්, ජීවිතය විඳින්නටත් . . .

Tuesday, March 5, 2013

අඬන අය...


වැඩියෙන්ම හිනාවෙන්නෙ,
විහිළු කරන්නෙ,
හිත ඇතුලෙන් ගොඩක්
අඬන අය...

Sunday, March 3, 2013

හිමි නොවූ නුඹ...





අහිමි වෙන්නට, හිමි නොවූ නුඹ...                                                                                                                                               අහිමි වූ ලෙස, දැනුනේ ඇයි මට...

හිමින් සීරුවෙ, මගේ සිත තුල...
                                                 කුමට සිතුනිද, නුඹට සෙනෙහස...

මගේ අළුත් ජීවිතයට...




හිත... හුඟක් තනිවම !
හිතාගෙන උන්නේ මම, බෙදාගන්න මුළු ජීවිතයම ඔයත් එක්ක...





ඒත්... වෙන්වෙලා යන බව දැන දැනත්,



 එකම කඳුලක කුරිරු සීතල දෙසිතටම දැනෙන බව දැනගෙනත්...


හිත රවට්ටගෙන, ඔයා... මම... නොපැහැදිලි හෙටකට...









සුභ පතන්නෙ ඇයි, මෙහෙම බොරුවට...
සුභ පතන්නට ඔයා එන්න, මගේ අළුත් ජීවිතයට...