සංගිලි පාලම
ඔබෙ සිත, මා සිත, වෙන්කල සිතුවිලි . . .
සියල්ල අසීමිතව බෙදාගන්නටත් . . .
මසිත පාළුව ඔබට සොඳුරු හුදකලාවක් කරමින්, ජීවිතය විඳින්නටත් . . .
සියල්ල අසීමිතව බෙදාගන්නටත් . . .
මසිත පාළුව ඔබට සොඳුරු හුදකලාවක් කරමින්, ජීවිතය විඳින්නටත් . . .
Tuesday, March 5, 2013
Sunday, March 3, 2013
හිමි නොවූ නුඹ...
අහිමි වෙන්නට, හිමි නොවූ නුඹ... අහිමි වූ ලෙස, දැනුනේ ඇයි මට...
හිමින් සීරුවෙ, මගේ සිත තුල...
කුමට සිතුනිද, නුඹට සෙනෙහස...
මගේ අළුත් ජීවිතයට...
Wednesday, October 26, 2011
" මම ගැනම තමයි ! "
හේතුවක් හිතාගන්න බැරි තරමට, දුක්මුසු හැඟීම්වලින් බර වෙච්ච හිතත් අරගෙන, මම කල්පනා ලෝකයෙන් පියවි ලෝකයට ආවේ, අවේලාවේ mobile එකට ආපු sms එක කාගෙන්ද කියලා බලන්න . . .
" කල්පනා කරනවද ? "
" ඔව්. "
" මොනවා ගැනද ? "
" මම ගැනම තමයි ! "
" ඔච්චර කල්පනා කරන්න එපා අයියේ . . . "
" කලේ නෑ. වෙනවා . . . මම mobile එකෙන් සිංදු අහනවා. on bed. "
" ජීවිතේ ගැන positive විදිහට හිතන්න මට පුරුදු කල, ඔයා ඇයි negative විදිහට හිතන්නේ ? "
" මමත් හිතුවේ ඒකමයි . . . ඔයාට විතරක් නෙවෙයි, තව ටික දෙනෙකුටම. ඒත් මට . . ? "
" ඇයි ඔයාට B . . . , L . . . . , R . . . . . ඉන්නවනෙ ඕන දේකට, කවුරු නැති වුනත් . . ? "
" ඒත් මට දැන් දැනෙන තනිකම, මටවත් තේරෙන්නේ නෑ . . . "
" ඔයාට හොඳ මොලයක්, කට්ට කන්න පුළුවන් & ලස්සන හිතක් තියනවා . . . ඔයාට පුළුවන් ඔය ප්‍රශ්න විසඳගන්න. "
" බැරි එකනේ වෙලා තියෙන්නේ. "
" ඔයා දැන් කොහොමත් තනි නෑ අයියේ, මම ඔයත් එක්ක ඉන්නවනේ . . ."
" ඔයාට මාව තේරෙන්නේ නෑ. කාටවත් . . මටවත් . . . "
" ඒක ඇත්ත. ඒත් මට ඔයාව 10% ක් විතර තේරෙනවා. "
" මටත් 90% ක් මං ගැන තේරෙනවා. ඒත් ඉතුරු 10% තේරුම් ගන්න තමයි මේ try කරන්නේ . . "
" 90% ක් පුළුවන් ekata 10% ක් මොකක්ද අයියේ ? "
" ඔයා නිදාගන්න. Good Night ! "
" ඔය විදිහට හිතන්න එපා අයියේ, ඔයත් නිදාගන්නකෝ . . . "
Friday, October 14, 2011
මගේ හිත කියවන්න හිතෙනවා නම් . . .
දැන් වැඩේ හරි. මට හැමදෙයක්ම පටන් ගන්න තමයි අමාරු, කරගෙන යන එකට වඩා . . මම දන්නෙත් නැතුවම ඊයෙ රෑ blog එක ලියන්න පටන්ගෙන. මට හිතෙනවා මගෙ blog එකේ පෙනුම ලස්සන මදි කියලා. ඒක මට සුළු දෙයක්. මම දන්නෙ නැති දේවල් මට අහගන්න, කරලදෙන්න යාළුවෝ මට ඉන්නවා. සමාජයේ හැම තරාතිරමකම. ඒකයි හැම ෆ්‍රෙ(න්)ඩාම වැදගත් මචං කියන්නේ . . .
ඒත් මේක, මට පුලුවන් විදිහකට තනියම කරගෙන යන්නයි මට හිතුනේ. ඒකටත් හේතුවක් තියනවා. යාළුවන්ට මම තරම් open පොරක් හම්බවෙලාම නැතුව ඇති. ඒත් ඊටත් වඩා මට open වෙන්න ඕන. මගේ ජීවිතේ හැම දෙයක්ම, කිසිම රහසක් නැතුව ලියලා හිත නිදහස් කරගන්නයි මගේ බලාපොරොත්තුව.
යාළුවන්ට උදව් කරන්න ගියාම මගෙත් සීමාවක් නෑ. මට කරන්න බැරි උදව්වක් නම්, මම දන්න වෙන යාළුවෙක් මාර්ගයෙන් හරි ඒක කරලා දෙනවාමයි. ඇත්තටම මම එහෙම කරන්නේ, ඒකෙන් මම ලොකු සතුටක් ලබන හින්දමයි. එහෙම උදව් කරලත්, හිත කලකිරෙන දේවල් කිහිපයක්ම වුන නිසා, දැන්නම් මම කරන්නෙ මට කරන්න පුළුවන් උදව් විතරයි . . .
එහෙම ගමටම light දුන්නත්, මගේ ගෙදර තාමත් පත්තු කරන්නෙ කුප්පි ලාම්පු. යාළුවො set වෙන හැම වෙලාවකදීම ඕනවටත් වඩා විහිළු කරලා, හිනාවෙලා ඉන්න මම, තනියෙන් ඉන්න හැම වෙලවකදීම හිතින් අඬනවා. ඇත්තටම ආර්ථිකව විතරක් නෙවෙයි, මානසිකවත් මම දරුණු පසුබෑමකට ලක්වෙලා කියලා මටම තේරෙනවා. ඒත් තාමත් මට අවංකවම ආදරය කරන, යාළුවො 3 දෙනෙක් නිසා, මම තාම ගොඩ එන්න try කරනවා. දවසක මමත් ගොඩ යයි කියලා හිතුනත්, කව්ද දන්නේ ඒ කවදාද කියලා . . .
ඒ යාළුවෝ 3 දෙනාටත් කිව්ව/නොකිව්ව හැම දෙයක්ම, මම මගේ මේ අළුත් 4 වෙනි blog යාළුවට කියන්න හිතුවා. ඒක මගේ හිතට ලොකු සහනයක් වෙයි කියලා හිතන නිසා . . .
ඔයාටත් මගේ හිත කියවන්න හිතෙනවා නම් එන්න,
සංගිලි පාලම දිගේ . . .
මගේ හිත . . තේරුම් ගන්න පුළුවන් හිතක්, තියෙයිද කියලත් මට හිතෙනවා . . .
Thursday, October 13, 2011
මම
අද නිදහසේ ලියන්න පුලුවන් දවසක්... හිතට එන හැම දෙයක්ම . . .
ඒත් කියන්න පුලුවන් හැම දෙයක්ම ලියන්න කියල මට කියපු නංගිව* අමතක කරන්න මට බෑ . . .
මට ජීවිතයේ ගොඩක් දේවල් තේරුම් ගන්න පුලුවන් උනත්, මට තේරුම් ගන්න බැරි මම කව්ද කියන එකයි . . .
ඇත්තටම මම කව්ද?
මම අවංකයි . . .
මම කෙලින් කතාකරන කෙනෙක් . . .
මම අවස්ථාවාදියෙක් නෙවෙයි . . .
ඒත් මම හැම අයෙක්ගෙන්ම, මාව සංසන්දය කරල බලනවා . . .
ඇයි හැමෝටම බැරි අවංක වෙන්න . . .
අඩුම තරමේ තමන්ටවත් . . .
කෙලින් කතාකරන්න බැරි ඇයි? යාළුවො තරහා වෙයි කියලා . . .
ඒත් මට පුලුවන් නම් ඇයි, අනිත් අයට බැරි?
"ඌගෙ කට හොඳ නෑ"
ගොඩක් යාළුවො මට කියනවා කියලා මම දන්නවා.
ඒ උනත් මම කියන්නෙ ඇත්ත කියලා උන් පිලිගන්නවා . . .
එහෙනම් කොතනද වැරැද්ද?
Tuesday, October 11, 2011
මා පමණක් තනිව, ඔබ නාවෙ ඇයි කියා . . .
නෙත ගැටෙන හැමතැනම, සුව විඳින පෙම්වතුන් . . .
ඔවුන්ගෙම ලෝකයට, දුර ගමනක් ගිහින් . . .
මීදුම් සළු පොරවගත්, දුර ඈත කඳු වළලු . . .
පිස හමන සුළඟටත්, මගෙ තනිය දැනෙනවද . . ?
සීතලයි තනිකමයි, හදවතින් දරා මම . . .
මිතුරුකම වෙනුවෙන්ම, එය පිටට නොපෙන්වා . . .
ගතකලත් මුළු දිනම, නොසිතුනිද මොහොතකට . . .
මගේ හද හඬනබව, ඔබලාට නොපෙන්වා . . ?
නොසැලුවද නෙතු කඳුළු, හඳවතින් හඬ හඬා . . .
විමසුවෙමි දහස්වර, මහඳින්ම එම පැනය . . .
ලෝකාන්ත පිනි වැටෙන, මේ සීත නැවතුමට . . .
ඔබ පමණක් නැතිව, මා ආවෙ ඇයි කියා . . ?
පෙම්වදන් මුමුණන්න, ඔබෙ කනට කොඳුරලා . . .
ආදරෙන් සිඹගන්න, මලක් සේ රැකබලා . . .
තනිවෙන්න මොහොතකට, හඳවතට ළංවෙලා . . .
කවදාද ඔබ එන්නෙ, හිඳිමි මම මඟ බලා . . . . .
දෛවය යලිත් වරක් සරදම් කරමින් මා තනිකල අපූරුව !
පසුවදන :
හුදකලා මසිතේ සියලු දුක්මුසු හැඟීම්වලට විරාමයක් තැබීමට අවස්ථාවක් උදාවූයේ,
මිතුරෙකු ඇගේ පෙම්වතිය සමඟින් යන නිවාඩුවකට මා ලද ඇරයුමිනි.
එහෙත් මාගේ සියළු බලාපොරොත්තු සුණුවිසුනු වී ගියේ,
නවාතෙනෙහි වූ එකම හුදකලා මිනිසා බවට මා පත්වීමෙනි.
දෛවය යලිත් වරක් සරදම් කරමින් මා තනිකල අපූරුව !
Subscribe to:
Posts (Atom)