ඔබෙ සිත, මා සිත, වෙන්කල සිතුවිලි . . .
සියල්ල අසීමිතව බෙදාගන්නටත් . . .
මසිත පාළුව ඔබට සොඳුරු හුදකලාවක් කරමින්, ජීවිතය විඳින්නටත් . . .

Friday, October 14, 2011

මගේ හිත කියවන්න හිතෙනවා නම් . . .


දැන් වැඩේ හරි. මට හැමදෙයක්ම පටන් ගන්න තමයි අමාරු, කරගෙන යන එකට වඩා . . මම දන්නෙත් නැතුවම ඊයෙ රෑ blog එක ලියන්න පටන්ගෙන. මට හිතෙනවා මගෙ blog එකේ පෙනුම ලස්සන මදි කියලා. ඒක මට සුළු දෙයක්. මම දන්නෙ නැති දේවල්  මට අහගන්න, කරලදෙන්න යාළුවෝ මට ඉන්නවා. සමාජයේ හැම තරාතිරමකම. ඒකයි හැම ෆ්‍රෙ(න්)ඩාම වැදගත් මචං කියන්නේ . . .


ඒත් මේක, මට පුලුවන් විදිහකට තනියම කරගෙන යන්නයි මට හිතුනේ. ඒකටත් හේතුවක් තියනවා. යාළුවන්ට මම තරම් open පොරක් හම්බවෙලාම නැතුව ඇති. ඒත් ඊටත් වඩා මට open වෙන්න ඕන. මගේ ජීවිතේ හැම දෙයක්ම, කිසිම රහසක් නැතුව ලියලා හිත නිදහස් කරගන්නයි මගේ බලාපොරොත්තුව.


යාළුවන්ට උදව් කරන්න ගියාම මගෙත් සීමාවක් නෑ. මට කරන්න බැරි උදව්වක් නම්, මම දන්න වෙන යාළුවෙක් මාර්ගයෙන් හරි ඒක කරලා දෙනවාමයි. ඇත්තටම මම එහෙම කරන්නේ, ඒකෙන් මම ලොකු සතුටක් ලබන හින්දමයි. එහෙම උදව් කරලත්, හිත කලකිරෙන දේවල් කිහිපයක්ම වුන නිසා, දැන්නම් මම කරන්නෙ මට කරන්න පුළුවන් උදව් විතරයි . . .


එහෙම ගමටම light දුන්නත්, මගේ ගෙදර තාමත් පත්තු කරන්නෙ කුප්පි ලාම්පු. යාළුවො set වෙන හැම වෙලාවකදීම ඕනවටත් වඩා විහිළු කරලා, හිනාවෙලා ඉන්න මම, තනියෙන් ඉන්න හැම වෙලවකදීම හිතින් අඬනවා. ඇත්තටම ආර්ථිකව විතරක් නෙවෙයි, මානසිකවත් මම දරුණු පසුබෑමකට ලක්වෙලා කියලා මටම තේරෙනවා. ඒත් තාමත් මට අවංකවම ආදරය කරන, යාළුවො 3 දෙනෙක් නිසා, මම තාම ගොඩ එන්න try කරනවා. දවසක මමත් ගොඩ යයි කියලා හිතුනත්, කව්ද දන්නේ ඒ කවදාද කියලා . . .


ඒ යාළුවෝ 3 දෙනාටත් කිව්ව/නොකිව්ව හැම දෙයක්ම, මම මගේ මේ අළුත් 4 වෙනි blog යාළුවට කියන්න හිතුවා. ඒක මගේ හිතට ලොකු සහනයක් වෙයි කියලා හිතන නිසා . . .


ඔයාටත් මගේ හිත කියවන්න හිතෙනවා නම් එන්න, 
සංගිලි පාලම දිගේ . . .


මගේ හිත . . තේරුම් ගන්න පුළුවන් හිතක්, තියෙයිද කියලත් මට හිතෙනවා . . .  

No comments:

Post a Comment