නෙත ගැටෙන හැමතැනම, සුව විඳින පෙම්වතුන් . . .
ඔවුන්ගෙම ලෝකයට, දුර ගමනක් ගිහින් . . .
මීදුම් සළු පොරවගත්, දුර ඈත කඳු වළලු . . .
පිස හමන සුළඟටත්, මගෙ තනිය දැනෙනවද . . ?
සීතලයි තනිකමයි, හදවතින් දරා මම . . .
මිතුරුකම වෙනුවෙන්ම, එය පිටට නොපෙන්වා . . .
ගතකලත් මුළු දිනම, නොසිතුනිද මොහොතකට . . .
මගේ හද හඬනබව, ඔබලාට නොපෙන්වා . . ?
නොසැලුවද නෙතු කඳුළු, හඳවතින් හඬ හඬා . . .
විමසුවෙමි දහස්වර, මහඳින්ම එම පැනය . . .
ලෝකාන්ත පිනි වැටෙන, මේ සීත නැවතුමට . . .
ඔබ පමණක් නැතිව, මා ආවෙ ඇයි කියා . . ?
පෙම්වදන් මුමුණන්න, ඔබෙ කනට කොඳුරලා . . .
ආදරෙන් සිඹගන්න, මලක් සේ රැකබලා . . .
තනිවෙන්න මොහොතකට, හඳවතට ළංවෙලා . . .
කවදාද ඔබ එන්නෙ, හිඳිමි මම මඟ බලා . . . . .
දෛවය යලිත් වරක් සරදම් කරමින් මා තනිකල අපූරුව !
පසුවදන :
හුදකලා මසිතේ සියලු දුක්මුසු හැඟීම්වලට විරාමයක් තැබීමට අවස්ථාවක් උදාවූයේ,
මිතුරෙකු ඇගේ පෙම්වතිය සමඟින් යන නිවාඩුවකට මා ලද ඇරයුමිනි.
එහෙත් මාගේ සියළු බලාපොරොත්තු සුණුවිසුනු වී ගියේ,
නවාතෙනෙහි වූ එකම හුදකලා මිනිසා බවට මා පත්වීමෙනි.
දෛවය යලිත් වරක් සරදම් කරමින් මා තනිකල අපූරුව !
No comments:
Post a Comment